Jun 6, 2012

පළවෙනි දවස 2001.02.12

මට මතකයි මම ස්කෝලෙට ගිය පළවෙනි දවස. කොටින්ම කිව්වොත් නුවර ගිය 1වෙනි දවස. තාත්තයි මායි අම්මයි තුන්දෙනා ගියා පාන්දර 3.30 බස් එතට. කලින් චිත්‍ර තරගෙකින් දිනලා 2 වසරෙදි කොළඹ ගියාට පස්සේ මම අදයි මෙච්චර දුරක් යන්නේ. ඔන්න මම ඇහැරිලා බලද්දි නුවරයට ඇවිත්. හොද වෙලායට තාත්තා නාවලපිටි‍යේ හන්දා පාරක් තොටක් දන්නවා. කොහොම හරි මමත් එල්ලුනා අම්මගේ අතේ.
 කෝකටත් හොදයි කියලා තුන්වීල් එකකට නැගලා කිව්වා " මේ... අපිව ********* එකක යන්න " කියලා.
ඒ මාමාත් හුටු හුටු ගගා දැන් අපිව එක්ක යනවා. ඔන් බිං ගෙයක් පහු‍වෙලා එහෙම යද්දි මේ මනුස්සයා කොහෙදෝ ගේට්ටුවක් තියෙන ස්කොලයක් ගාව නවත්තලා
" මහත්තයා ,කොන්වනට් එක මෙතන" කියලා කියපි. මට මාරාගෙන මැරෙන්න තරහයි...

තාත්තා කිව්වා.. " නැ නැ එක කොලිජියක් " කියලා.
 ඕන් ඉතින් හරි තැනින් බැස්සා... පාරත් පැන්නා...
‍ඇතුලටත් යනවා දැන්.. හප්ෙප් හරි ලොකූ බිල්ඩිමක්! තව ටිකක් යද්දි පොඩි ගේට්ටු කැල්ලක් තියෙවා . යනින් ගමන් දැක්කා. හප්පේ තව බිල්ඩන්. මම ඒ දවස් වල ගිය ස්කෝලෙම තිබුනේ එල් අකුරේ හැඩේට 1යි අයි අකුරේ හැ‍ඩේට 3යි ..
දිගටම ඇවිදිනවා දැන් වනාන්තරයක් මැදින් යනවා වගේ ටික ටික පෙනුනා ස්කෝලේ...  (මට දිව්‍ය ලෝකේ වගේ) සිරාවටම!

හැබැයි ඒ පෙනුන තැනට යන්න මට අවුරුද්දක් ප්‍රයිමරියේ ඉන්න වුනා... 6 වසරනේ. 6-ඩී
පන්තියට ගියාම ටිචර් මගෙන් ඇහුවා අදම එනවාද කියලා. මම බැ කිවා.
ඊට පස්සේ හොස්ටල් එකට ගිහින් රෙජිස්ටර් වෙලා. මම ලැග්ගා .!

අම්මලා යද්දි අඩපු අය ගැන ඊලග පෝස්ට් එකේ

හැදින්වීම

‍බොහොම සුන්දර මතකයන් වලින් පිරුණු ඒ හොස්ටල් එක ගැන මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා.
සහෝදරයෝ වගේ ඉදලා දැන් අපි අපේ හීන සැබැ කරගන්න විසිරිලා ගිහින්. ඒක තමා හොස්ටල්, ‍බෝර්ඩිම් වල සොබාදර්මය..
                            ඉදලා ඉදලා ඒ ගැන මතක්වෙන වාරයක් පාසා මම ඒමතකන් මටම කියාගන්නවා.
ඔවා ගැන කිය කිය ඉන්න දරුමල්ලෝ තියා ගෑනියෙවත් නැති එකේ මැරිලා යන්න කලින් ඒ මතකයන් ටික බ්ලොග් එකක ලියන්න හිතුනා.
මේ කියන තැන " තොටක් ලග තියෙන්නේ," කොල්ලෝ විතරක් ඉගෙනගන්න ඉන්න පාසලකි.

මම මේකේ පෝස්ට් කරන එවා හිනා වේන්න නෙමේ දාන්නේ. හිනා උනා කියලා අවුලක් නැ. මොකද වුන තරමක් වුනේ පීචං වැඩ.

එහෙනම් මම කොටන්න පටන් ගන්නවා....

"" එන්න ,ඉගෙන ගන්න ,සේවය කරන්න ජීවත්වෙන්න "